ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාමේ අවධානමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය IPL තරගාවලිය අවසානයේ තීරණය කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසනවා.

ශ්‍රි ලංකාවේ පවතින තත්ත්වය අනුව තරගාවලිය දැනට යොදා ගෙන ඇති කාලවකවානුවේදී පැවැත්වීමට ඇති හැකියාව තක්සේරු කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස තරගාවලියක් ලෙස ආගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් 11වනදා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණා.

එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළි තක්සේරු කර බැලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඒ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ආහාර සහ ඉන්ධන හිගය වැනි තත්ත්වයන් සැළකිල්ලට ගෙනයි.

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »