
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගේ සෞඛ්‍ය මට්ටම යහපත් බව වාර්තා වනවා.
හිටපු මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බව ඊයේ දිනයේදී වාර්තා වුවා.
ඒ සිදුකළ PCR පරීක්ෂණයක දීය.

කොවිඩ් ආසාදිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බුස්ටර් එන්නත ලබාගෙන නොමැති අතර ඔහුගේ බිරිඳ පුර්ණ ලෙස එන්නත්කරණයට ලක්ව ඇති බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
මේ අතර බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ විදේශයකට පිටත්ව ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවනවා.

කෙසේවෙතත් කටුනායක සහ රත්මලාන යන ගුවන් තොටුපළ දෙකෙන්ම අප කල සොයාබැලීමකදී හෙළිවූයේ එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.