ඔස්ටේ්‍රලියා Student Visa සඳහා පාඨමාලාව වෙනස් කල නොහැකි නව කොන්දේසියක්

ඔස්ටේ‍රලියාවේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා, නිබන්ධන හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට නොහැකි නව කොන්දේසියක් පනවා තිබෙනවා.

ශිෂ්‍ය වීසා 500 වීසා උප ඛාණ්ඩයට මෙය අදාළ වන අතර ලබන ජූලි 01 දින සිට ක්‍රියාත්මක කෙරෙන බවයි ස්වදේශ අමාත්‍යංශය නිවේදනය කලේ.

කෙසේවෙතත් එදිනට පෙර හිමිවන ශිෂ්‍ය වීසාවලට මෙම නීති අදාළ වන්නේ නැහැ.

ඒ අනුව පහත අධ්‍යයන අංශවල නිරතවන සිසුන්ට අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව පාඨමාලාව, නිබන්ධනය හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.

graduate certificate
graduate diploma
master’s degree
doctorate
ශාස්ත්රපති උපාධියක් (master’s degree) හෝ ආචාර්ය උපාධියක් (doctorate) සඳහා අධ්යයන හෝ පර්යේෂණ පාඨමාලාවක් සඳහා prerequisite හෙවත් පූර්ව අවශ්යතාවයක් ලෙස අවශ්ය ඕනෑම bridging course එකක්

කිසියම් පාඨමාලාවක් වෙනස් කිරීම ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට සෘජුව හෝ වක්‍රව තර්ජනයක් වීමට ඉඩක් නොමැති බවට ස්වදේශ අමාත්‍යවරයා විසින් නිසි තක්සේරුවක් ලබා ගැනීමෙන් පසුව පමණක් ඒවා වෙනස් කිරීමට අනුමැතිය දීමට ප්‍රතිපාදන හිමිවනවා.

No course change for int’l students in Australia without approval from minister

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »