Search

රට අතහැර යන්නන් තවත් ඉහළට

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 – 40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇත.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කරණ විමසීම්ද ඒ හා සමානව වැඩිවී ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගතවීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් බව දැනගන්නට ඇත.

විදේශ රටවල දැනට ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය කිට්ටුවන්ත ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමද වැඩිවී ඇති අතර බොහෝ පිරිසක් එවැනි අනුග්‍රහ අපේක්ෂාවෙන් සිටින බවද කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.

එසේම නීති විරෝධී ක්‍රම මගින් විදේශයන්ට පලා යන පිරිස්ද වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීම හෝ ඒ සඳහා දරන උත්සාහයන් ගැන තොරතුරු සහ විමසීම් රාශියක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනුද මේ දිනවල සුලභව දැකිය හැක.

source : https://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A–%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/101-611268

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »