ඔස්ටේ්‍රලියාවේ පළතුරු කැඩීම් සේවකයන්ට සුභාරංචියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ පළතුරු කැඩීම් සේවකයන්ට සුභාරංචියක්

ඔස්ටේ්‍රලියාවේ පළතුරු කැඩීම් සේවකයන්ට සුභාරංචියක්

ඔස්ටේ්‍රලියාව තුළ පළතුරු කැඩීමෙහි නිරත සේවකයන් සඳහා වන නීති සංශෝධනයක් ලබන 28 වනදා සිට සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සඳහා පැයක අවම වැටුප ගෙවීම එදින සිට අනිවාර්ය වන අතර ඒ අනුව Casual සේවකයෙකුට පැයකට ඩොලර් 25.41 ක වැටුපක් ලබාදිය යුතුයි.

කෙසේවෙතත් බහුතරයක් සිදුකරන පරිදි නෙළන ලද පළතුරු ප්‍රමාණය අනුව වැටුප් ගෙවීම හෙවත් Piece rate සඳහාද තවදුරටත් අවස්ථාව හිමිවනවා.

එසේ වුවද පැයක අවම වැටුපෙහි ප්‍රමාණයට අනුව ඔවුන්ට වැටුප් ලැබීම සහතික කල යුතු බව fair work කොමිසම අවධාරණය කරනවා.

ඔස්ටේ්‍රලියාව තුළ ගොවිපොළ රැසක සේවකයන්ට ලබාදෙනුයේ අස්ථිර නොවන වැටුප් බවටත් ඒ අනුව ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම ඉහළ ගොස් ඇති බවටත් වාර්තා රැසක් පළවී තිබුණා.

ඒ අනුවයි මෙම නීති සංශෝධන සිදුකිරීමට fair work කොමිසම පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙමගින් පළතුරු නිෂ්පාදන පිරිවැය ඉහළ යා හැකි බවටත් එහි පාඩුව පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට සුපිරි වෙළඳසැල් උත්සාහ දරනු ඇති බවටත් වාර්තා පළවනවා.

https://www.abc.net.au/news/rural/2022-04-08/fruit-and-veg-pickers-minimum-wage-arrives-this-month-/100975464

PIC- (ABC Rural: Kath Sullivan)

COMMENTS