
ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අව ප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.
රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.

අන්තර්ජාතික මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට දමා ඇත.
මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්වල B2 මට්ටමේ සිටි ශ‍්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම් ඇතුලත් කර ඇත්තේ CAA1 මට්ටමටයි.

එම මට්ටම මූඩීස් අනුව ණය ඉහලම අවදානමක් ඇති කාණ්ඩයක් වෙයි.