මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී නෑ – අගමැති මාධ්‍ය ලේකම්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පළව ඇති මාධ්‍ය වාර්තා මුලුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

මාධ්‍ය වාර්තා පළව තිබුණේ අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වනු ඇති බවයි.

අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇති බවද සඳහන්.

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.

රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බව ද හිටපු ඇමතිවරයා කීවේය.

ඒ නිසා කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද විමල් වීරවංශ කීය.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »