ජනපති නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයකට නැගී පුද්ගලයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට

මිරිහානේ ප්‍රදේශයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගී පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති විදුලි කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එම අවස්ථාව වන විට මත්පැන් පානය කර සිට ඇති බවත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »