2022 කාන්තා එක්දින ලෝක ශූරියන් ලෙස ඕස්ට්‍රේලියාව කිරුළු පළඳියි

2022 කාන්තා එක්දින ලෝක කුසලානය දිනා ගන්නට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමින්.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 356ක්.

එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇලිසා හීලි ලෝක වාර්තාවක් පිහිටුවන්නට ද සමත්වීම විශේෂත්වයක්.

ඇය මෙම තරගයේ දී ලකුණු 170ක් රැස්කළ අතර එම ලකුණු 170 ලෝක වාර්තා අතරට එක් වුණේ ලෝක කුසලාන අවසන් තරගයකදී (පිරිම් / කාන්තා) ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ලකුණු 357ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් සියල්ල පන්දුවාර 43යි පන්දු 04ක් තුළ ලකුණු 285කට සීමා කරන්නට ඕස්ටේලියානු පන්දු යවන්නියන් සමත් වුණා.

ඒ අනුව අවසන් මහා තරගය ජයගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් 2022 එක්දින ලෝක කුසලානය තමන් සතු කරගත්තා.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »