වසරක් තුළ ලංකාවට රට සල්ලි ලැබීම සියයට 62 කින් පහළට

2021 වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශීය ප්‍රේෂණ ලැබීම් සියයට 61.6 කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදේශ ශ්‍රමිකයන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 675 ක මුදල් මෙරටට එවා තිබූ නමුත් මෙම වසරේදී එය ඩොලර් මිලියන 259 ක් දක්වා පහළගොස් තිබෙනවා.

2020 වසර තුළදී ඩොලර් මිලියන 7104 ක විදේශීය ප්‍රේෂණ ලැබී තිබූ නමුත් පසුගිය වසරේදී එය ඩොලර් මිලියන 5491 ක් දක්වා පහළගොස් ඇති බවයි මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ.

2021 වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 937 ක් වූ නමුත් මෙම වසරේ ජනවාරි මාසයේදී එය ඩොලර් මිලියන 1101 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ආනයන සීමා කර තිබියදීත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයන ඉහළ ගොස් තිබීමත් විශේෂත්වයක්.

2021 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1592 ක භාණ්ඩ රටට ගෙන්වා ඇති අතර මෙවර ජනවාරි මාසයේදී එය ඩොලර් මිලියන 1959 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කලා.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »