
ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් විසින් 2022-23 වසර සඳහා වන අයවැය ලේඛණය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
දැනට ඉදිරිපත් වූ කරුණු කිහිපයක් මෙසේයි
අද රාත්‍රියේ සිට ඉන්ධන සඳහා ඇති බද්ද භාගයක් දක්වා එනම් ලීටරයකට සත 22 ක් දක්වා අඩු කෙරේ.

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 60 කට ඩොලර් 250 ක් බැගින් වන එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ලබන මාසයේ සිට ගෙවනු ලැබේ. Pensioners, welfare recipients, veterans and concession cardholders යන අයට එය හිමිවේ.
තවත් ඇෆ්ඝන් ජාතිකයන් 16500 කට ඉදිරි වසර 04 සඳහා මානුෂීය වීසා නිකුත් කිරීමට අදාළව ඩොලර් මිලියන 669 ක මුදලක් වෙන් කෙරේ.

යුක්රේනය සඳහා තවත් ඩොලර් මිලියන 156.5 ක ආධාර ලබාදසීමට යෝජනා කෙරේ.
සයිබර් ආරක්ෂාව සඳහා ඉදිරි වසර 10 වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක් වෙන් කෙරේ. එමගින් නව රැකියා 2000 ක් පිහිටුවීමට යෝජිතයි.
දැනට සියයට 4 ක් ලෙස පවතින විරැකියා අනුපාතය එම මට්ටමේම හෝ අඩුවෙන් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාරිකවරයා පැවසීය.
First home buyers සඳහා නිවසක් මිළදී ගැනීමේදී සියයට දෙකක් වැනි කුඩා මූලික තැන්පතුවක් සමඟින් දේපල මිලදී ගැනීමට රජය පහසුකම් සපයා ඇත.
Home Guarantee Scheme යටතේ First home buyers සඳහා සියයට පහක මූලික තැන්පතුවකින් හෝ තනි මාපියන් (single parents) සඳහා සියයට දෙකක මූලික තැන්පතුවකින් දේපලක් මිලදී ගැනීමට ඉඩ සලසයි.
https://www.abc.net.au/news/2022-03-29/coalition-frydenberg-morrison-budget-election/100944232