
ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 132 දෙනෙකුට ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මින් වැඩිම පිරිසක් සැගවී සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.
පොලිසිය – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීම්වලදී පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ජාවා්රම් සම්බන්ධ සැකකරුවන් 95,000 ක් පමණ අතඅඅඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝ 1630 ක් / ගංජා කිලෝ 15,000 ක් පමණ සහ කෘත්‍රීම මත්ද්‍රව්‍ය කිලෝ 377 ක් පමණ ඒ අතර වුණා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත් ජාවාරම් සම්බන්ධ සැකකරුවන් 800 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කලා.

හෙරොයින් කිලෝ 360 ක් / ගංජා කිලෝ 2100 ක් පමණද ඒ අතර වනවා. මේ අතර රටින් පළාගොස් සිටින තැනැත්තන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.
සිංහල අලුත් අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ නංවා ඇති අතර තොරතුරු සපයන පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමටද තීරණය වී තිබෙනවා.
එමෙන්ම සමාජ මාධ්‍ය භාවිතයේදී අවධානය යොමු කරන්නැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවට දන්වා සිටිනවා.