
පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඔස්ට්‍රේලියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ඉල්ලා තිබෙනවා.
මීට පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් චීනයෙන් ඉල්ලා සිටි අතර, ඉන් බිලියන 1.5ක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වෙනුවෙන් වෙන් කරන බව යි වාර්තා වන්නේ.
ඉතිරි ඩොලර් බිලියනය විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම වෙනුවෙන් භාවිත වනු ඇති.

ශ්‍රී ලංකාව මාසයකට ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැය කරන අතර, ඒ අනුව සති 03කට පමණ අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකාව සතුව බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පැවසුවේ.
ඔහු සදහන් කලේ රුපියල අවප්‍රමාණය කිරීමේ තීරණයත් සමග අපනයනකරුවන්ට වැඩි ඩොලර් ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට ඉදිරියේදී හැකියාවක් ලැබෙනු ඇති බවයි.
