Breaking: අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ රියදුරා පහරදී ඝාතනය කෙරේ

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරෙකු කැස්බෑව මාවිත්තර පිහිටි ඔහුගේ නිවසේදී පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය සඳහන් කලා.

පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ කණ්ඩායමක් පැමිණ ඔහුට පහරදී ඇති බවයි.

පොලූ මුගුරුවලින් හා තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවද සඳහන්.

අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරවීම සම්බන්ධ පුද්ගලික ආරාවුලක් මීට බලපා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

සැකකරුවන් ප්‍රදේශය අත හැර පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කලා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ කැස්බෑව පොලිසියයි.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »