
ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ ෆෙඩරල් පොලිසිය ඒකාබද්ධව සයිබර් අපරාධ පිටුදැකීම සඳහා නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 89 ක්.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ සයිබර් අපරාධ සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමයි මෙහි මූලික අරමුණ වන්නේ.

කොවිඩ් වසංගතයත් සමග බොහෝ පිරිසක් නිවෙස් තුළට වී සිටීම හමුවේ සයිබර් අපරාධවල ඉහළ යාමක් වාර්තා වූ බවයි සංඛ්‍යාලේඛණ වාර්තා සඳහන් කලේ.
2020 වසරට වඩා 2021 වසරේදී ඔස්ටේ්‍රලියාවේ සයිබර් අපරාධ සියයට 13 කින් පමණ ඉහළ ගොස් තිබූ අතර පසුගිය වසරේදී ලැබී තිබූ සයිබර් අපරාධ පැමිණිලි ගණන 65,700 ක් පමණ වුණා.

https://www.9news.com.au/national/cyber-criminal/f528d7c2-841b-4a57-be6c-5148613c0fab