
ඉන්ධන ලබා ගැනීම සඳහා මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි ජේෂ්ඨ පුරවැසියෙකු බිම ඇදවැටීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා ඉන්ධන මිලදී ගැනීම සඳහා බූලි කිහිපයක් රැගෙන පැමිණ ඇති අතර ඉන්ධන රැගෙන යළි ගමන් කිරීමට උත්සහ කිරීමේදී ඔහු පිරවුම්හල් පරිශ්‍රය තුළම ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව අදාළ පුද්ගලයා පොලිසිය සහ අවට සිටි පුද්ගලයින් විසින් එක්ව මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේදී ද කඩවත ප්‍රදේශයෙන් සහ ඉකුත් 19 වෙනිදා මහනුවර, උඩතලවින්න ප්‍රදේශයෙන් ද මෙලෙස ඉන්ධන පෝලිම් ආශ්‍රිතව පුද්ගල මරණ 02ක් වාර්තා වුවා.
