
විදේශ තානාපති කාර්යාල 02 ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා.
ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර කොන්සල් කාර්යාලය – ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙලෙස ලබන 31 වැනිදා සිට වසා දැමීමට නියමිත බව සඳහන්.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමිනුයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අනුව ඉරාකය සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත් / නෝර්වේ සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත් / සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත් පැවරෙනු ඇති.
ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනවා.

COMMENTS