නිවු සවුත් වේල්ස් දරුණු ජල ගැලීම් ගැන ස්වාධීන විමර්ශනයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් දරුණු ජල ගැලීම් ගැන ස්වාධීන විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් දරුණු ජල ගැලීම් ගැන ස්වාධීන විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ දරුණු ජල ගැලීම් තත්වය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විශ්‍රාමික පොලිස් කොමසාරිස්වරයෙකු විසින් එහි මූලිකත්වය දරන අතර ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි.

මෙහි අතුරු වාර්තාව ලබාදීමට නියමිතව ඇත්තේ ලබන ජූනි 30 වනදායි.

ජල ගැලීම් හානිය වළක්වා ගැනීමට හැකිව තිබුණේද යන්න මෙහිදී විමසා බැලෙනු ඇති.

නිවු සවුත් වේල්ස් ජලගැලීම් හමුවේ පුද්ගල මරණ 05 ක් වාර්තා වූ අතර දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටිනවා.

ගංවතුරෙන් ගොඩගැසුණු සුන්බුන් ඉවත් කිරීමට පමණක් ඩොලර් මිලියන 240 ක් පමණ වැයවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

https://www.abc.net.au/news/2022-03-21/nsw-sets-up-independent-inquiry-into-deadly-floods/100925392

COMMENTS