නිවු සවුත් වේල්ස් සියලු පාසල්වල ඔස්ටේ්‍රලියා සංඥා භාෂාව ඉගැන්වීමේ තීරණයක්

ලබන වසරේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු පාසල්වල ඔස්ටේ්‍රලියා සංඥා භාෂාව ඉගැන්වීමට තීරණය කර තිබෙනවා.

පළමු පෙළ විෂයක් හෝ අතිරේක විෂයක් ලෙස එය හැදෑරිමට සිසුන්ට අවස්ථාව හිමිවනු ඇති.

කෙසේවෙතත් මෙය අනිවාර්ය නොවන අතර 01 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට තමන් කැමතිනහ් පමණක් ඉගෙනගත හැකියි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේයි මෙම හඳුන්වාදීම සිදුකරනු ලබන්නේ.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල විවිධ භාෂා 34 ක් ඉගැන්වීම සිදුකෙරෙන අතර එම සංඛ්‍යාව ඉහළ දැමීම කෙරෙහිද බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

https://www.9news.com.au/national/education-news-australian-sign-language-auslan-introduced-new-south-wales-school-curriculums/62df3e13-dfea-4401-8150-37cfcebfbcc9

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »