ඔස්ටේ්‍රලියානු සේවකයන්ට සුභ ආරංචියක් – ඡන්දෙට කලින් දීමනාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානු සේවකයන්ට සුභ ආරංචියක් – ඡන්දෙට කලින් දීමනාවක්

ඔස්ටේ්‍රලියානු සේවකයන්ට සුභ ආරංචියක් – ඡන්දෙට කලින් දීමනාවක්

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ටේ්‍රලියානු සේවකයන්ට එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ලබාදීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ලබන 29 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් රජයේ අයවැය ලේඛණයට එය ඉදිරිපත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

බොහෝ දුරට මැයි මාසයේදී පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවී ඇති මැතිවරණයට පෙර සෘජුවම බැංකු ගිණුම් වෙත අදාළ මුදල තැන්පත් කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

කෙසේවෙතත් දැනටමත් විවිධ දීමනා කිහිපයක් ලබන පුද්ගලයන්ට මෙය නොලැබෙනු ඇති බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කියාසිටියේ.

ඉන්ධන මිළ සහ ආහාර මිළ ගණන් ඉහළ යාම හමුවේ කැපී පෙනෙන ලෙස වැඩිවී ඇති ජීවන වියදම හේතුවෙනුයි මෙම දීමනාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

https://7news.com.au/politics/federal-politics/aussie-workers-could-be-handed-a-one-off-cash-bonus-as-petrol-prices-and-cost-of-living-rise-c-6104587

COMMENTS