මෙල්බන් – බාලි සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි

මෙල්බන් සහ ඉන්දුනීසියාවේ බාලි දූපත අතර සෘජු ගුවන් ගමන් අද නැවත ආරම්භ කෙරුණා.

සතියකට 03 වරක් මෙල්බන් – බාලි සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටයි ජෙට්ස්ටාර් ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියානුවන් අතර අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසයි බාලි සැලකෙන්නේ.

සිඩ්නි සහ පර්ත් සිට බාලි දක්වා ගුවන් ගමන් ලබන මාසයේ සිටත් / බ්‍රිස්බන් හෝ ගෝල්ඩ් කෝස්ට් සිට බාලි දක්වා ගුවන් ගමන් මැයි මාසයේ සිටත් ආරම්භ කෙරෙනු ඇති.

පූර්ව සෘණාත්මක කොවිඩ් ප්‍රථිඵලයක් ඇති කිසිදු ඔස්ටේ්‍රලියානුවෙකු ඉන්දුනීසියාවට පැමිණීමෙන් පසු නිරෝධායනය විය යුතු වන්නේ නැහැ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »