NSW ජල ගැලීම් හේතුවෙන් මානසික සෞඛ්‍ය නගාසිටුවීමට $ මිලියන 25 ක සහන පැකේජයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ලවූ ජනතාවගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම සඳහා ඩොලර් මිලියන 25 ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජල ගැලීම් වින්දිතයන්ට උපකාර කිරීම සඳහා දැනටමත් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ මධ්‍යස්ථාන 08 ක් පිහිටුවා අවසන්.

නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලේ පවිත්‍ර කටයුතු – නැවත නිවාසවල පදිංචි කිරිම සහ ආර්ථික සහන ලබාදීම පළමු ප්‍රමුඛ කාර්යයන් වන බවයි.

ජනතාව ආරක්ෂාකාරීව නිවෙස් වෙත යැවීම සඳහා දැනටමත් 1500 ක පිරිසක් කටයුතු කරමින් සිටිනවා.

නිවු සවුත් වේල්ස් උතුරු ප්‍රදේශයේ ගංගා ආශ්‍රිතව දිනපතා ටොන් 4000 ක පමණ සුන්බුන් තොගයක් එක් රැස්වෙමින් පවතින බවද සඳහන්.

https://www.9news.com.au/national/flooding-continues-in-new-south-wales-as-power-set-to-return-for-hawkesbury-region/93865766-d1a5-4279-b404-02419468ed08

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »