
නැගෙනහිර ඔස්ටේ්‍රලියාවට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්වය හමුවේ ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
අගමැති ස්කොට් මොරිසන් විසින් අද දිනයේදී එය නිල වශයෙන් නිවේදනය කරනු ඇති බව සඳහන්.
නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබෙනවා.

සහන සේවා කටයුතු පහසු කිරීමේ අරමුණ ඇතිවයි ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී ඇත්තේ.
2020 වසරේදී සම්මත වූ නව ආපදා සහන පණත යටතේ ජාතික ආපදාවක් ප්‍රකාශයට පත් කෙරෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.

COMMENTS