
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී දළදා මාළිගාවේ කරඩුව වැඩම කරවන ලද නැඳුන්ගමුවේ රාජා හස්තියා අද අලුයම මියගොස් තිබෙනවා.
මියයන විට හස්තියාගේ වයස අවුරුදු 69 ක් වූ බවයි භාරකාර වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය සඳහන් කලේ.
අවස්ථා 13 කදී දන්ත ධාතුන්වහන්සේ රැගත් කරඩුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

1953 වසරේදී උපන් නැදුන්ගමුවේ රාජා මෙරටට ලැබුණේ, ඉන්දියාවෙන් ලද පරිත්‍යාගයක් ලෙසයි.
අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් ගෞරවයට පාත්‍රවෙමිනුයි.

උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.
ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී නැවත පැමිණීමට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද ගියා.