Netflix – American Expresss රුසියාව තුළ මෙහෙයුම් අත්හිටුවයි

තවත් ජාත්‍යන්තර සේවා කිහිපයක් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව සුප්‍රකට නෙට්ෆ්ලික්ස් විකාශන කටයුතු නතර කර ඇති අතර ජනප්‍රිය ක්‍රෙඩිට් කාඩ් සමාගමක් වන ඇමරිකන් එක්ස්ප්‍රස් ද නිවේදනය කලේ මින් ඉදිරියට රුසියාව තුල සිය මෙහෙයුම් නතර කරන බවයි.

මේ අතර රුසියානු ඉන්ධන සඳහා තහනමක් පැණවීම කෙරෙහි අමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී තිබෙනවා.

මේ අතර සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රුසියාව විසින් අඛණ්ඩව ශෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවට යුක්රේනය චෝදනා කරනවා.

කිව් නගරය ආසන්නයේදී එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් කාන්තාවක සහ ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි යුක්රේනය චෝදනා කරන්නේ.

මේ අතර රුසියාවේ ඉල්ලීම් ඉටු වන තුරු කිසිදු අයුරකින් ප්‍රහාර නතර නොකරන බවටයි ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අනතුරු අගවා සිටින්නේ.