Search

ප්‍රවීණ කලාකරු බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලාකරු සහ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 98 ක්.

1954 දී ගුණතිලක ඔහුගේ සමීප මිතුරන් වූ ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගු සමඟ එක්ව රේඩියෝ සිලෝන් සඳහා “විහිළු තහළු” විකට වැඩසටහන ඉදිරිපත් කළේ එච්.ඩී. විජේදාසගේ ආරාධනාවකට අනුවය.

එය අතිශයින් ජනප්‍රිය වූ අතර “ඩයස්-සැමුවෙල්-බර්ටි” ජනතාව හඳුන්වනු ලැබුවේ ‘‘රාජ තුන් කට්ටුව’’ යනුවෙනි.

පසු වසරවලදී, ගැමුණු විජේසූරිය, ජෝසප් සෙනෙවිරත්න, ඇල්ෆ්‍රඩ් පෙරේරා සහ මර්සි එදිරිසිංහ වැනි තවත් බොහෝ චරිත වැඩසටහනට ඇතුළත් විය.

2013 නොවැම්බර් මස 13 වන දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සාහිත්‍ය කලා උළෙලේ දී “දේශ නේත්‍රු” සම්මානය පිරිනමන ලදී. 2014 ජනවාරි 12 වැනි දින රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී රූපවාහිනී ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහුට ජීවිතයේ එක් වරක් පිදෙන් යාවජීව සම්මානයෙන් පිදුම් ලබා ඇත.

2021 දී, සිංහල සිනමාවේ මුල් දශකවල සිංහල සිනමාවට අමිල මෙහෙවරක් කළ කලාකරුවන් 21 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උත්සවයේදී ඔහු සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »