රුසියානු හමුදාවලින් තාවකාලික සටන් විරාමයක්

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා ප්‍රදේශයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සිටින ජනතාවට ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.

එය, මානුෂිය වේදිකාවක් ලෙසයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා ඇත්තේ.

රුසියානු වේලාවෙන් අද පෙරවරු 10 සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මකයි.

ඊට පෙර රුසියානු හමුදා මරියුපොල් වරාය නගරය වටලා එය වෙත සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හරිනු ලැබුවා.

අඛණ්ඩව දසවැනි දිනටත් රුසියානු හමුදාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කෙරුණා.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් පෝලන්තය ඇතුලු අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »