අරුන්දික යළි රාජ්‍ය ඇමති කමට / CB හා විමලවීරටත් ඇමතිකම්

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

සී.බී. රත්නායක  –           වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

දිලුම් අමුණුගම  –           ප්‍රවාහන අමාත්‍ය

විමලවීර දිසානායක  –           ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු  –           පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත
කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන  විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »