Update: මෙල්බන් Keysborough හිදී පැහැරගත් දරුවා සොයාගනී

මෙල්බන් Keysborough හිදී පැහැරගෙන ගොස් තිබූ මාස 11 ක් වයසැති දරුවා සොයාගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 46 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට දරුවා දෙමව්පියන්ට භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. (Update 2)

=============================================================================

කුඩා දරුවෙකුද සහිතව මෝටර් රථයක් මෙල්බන් Keysborough හිදී පැහැරගෙන ගොස් තිබෙනවා.

Toyota RAV 4 වර්ගයේ සුදු පැහැති රථයක් අද දහවල් 2.10 ට පමණ මෙලෙස මංකොල්ල කා ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

අදාළ දරුවාගේ වයස මාස 11 ක් පමණ වන අතර සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අවුරුදු 50 ත් 60 ත් අතර පුද්ගලයෙකු කැමරාවල සටහන්වී තිබෙනවා.

පැහරගැනීමට ලක්වූ රථයේ ලියාපදිංචි අංකය – 1HS 5OZ

මේ පිළිබඳ තොරතුරක් වෙතොත් වික්ටෝරියා පොලිසියට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරෙනවා. (Update 1)

https://www.abc.net.au/news/2022-03-01/police-search-for-stolen-car-with-baby-on-board-in-melbourne/100872782

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »