යුක්රේනයේ සිට ලංකාව හරහා ජර්මනියට පළායන්න ගිය ඉරාන තරුණයෙකු පිටුවහල් – AusLanka TV – Australian News for the Sri Lankan community

යුක්රේනයේ සිට ලංකාව හරහා ජර්මනියට පළායන්න ගිය ඉරාන තරුණයෙකු පිටුවහල්

යුක්රේනයේ සිට ලංකාව හරහා ජර්මනියට පළායන්න ගිය ඉරාන තරුණයෙකු පිටුවහල්

යුක්‍රේනයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින 20 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා ජර්මනිය වෙත පැන යාමට තැත් කිරීමේ දී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඔහු පැමිණි තුර්කිය වෙතම පිටුවහල් කර යවා තිබෙනවා.

මොහු ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා ග්‍රීක ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණා.

එය ජාත්‍යන්තර පොලීසියේ අත් අඩංගුවට ගැනීමට නියමිත ලේඛනයේ සදහන් ගුවන් ගමන් බලපත්‍රයක් බවටයි හදුනා ගෙන ඇත්තේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයා යුක්‍රේනය තුළ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අයෙකු බවත් මේ වනවිට එරට තුළ ඇති වී ඇති යුධමය වාතාවරණයත් සමග මොහු එරටින් පිටවී තුර්කිය වෙත ගොස් ඇති බවයි.

එතැන් සිට ශ්‍රී ලංකාව හරහා ජර්මනිය වෙත පළා යාම සදහා මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කර ගැනීමට තැත් කර ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

COMMENTS