රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවරට

රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවරට ඇතුලු වී තිබෙනවා.

දිශා 03 කින් ඔවුන් නගරය වට කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මේ අතර කිව් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් ධාවන පථයක බලයද රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබෙනවා.

ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් යානා 200 ක් පමණ සහභාගී වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර රුසියාවේ ප්‍රධාන ඉලක්කය තමන් බව යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි පවසනවා.

එහෙත් කිසිදු අයුරකින් තමා කිව් අගනුවර අතහැර දමා පළා නොයන බවටයි ඔහු ප්‍රතිඥා දුන්නේ.

එකම සාකච්ඡා මේසයක සිට පවතින තත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඊයේ දිනයේ ගැටුම්වලින් සිවිල් වැසියන් 25 දෙනෙකු මියගොස් තවත් 102 දෙනෙකු තුවාල ලබා තිබුණා.

මේ අතර රුසියාවේ පැවැත්වීමට නියමිතවූ ක්‍රීඩා තරග කිහිපයක් අවලංගු කර ඇති අතර ක්‍රීඩා තරගාවලි කිහිපයකට රුසියාව සහභාගී කරවා නොගැනීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර නවතම වාර්තාවක දැක්වුණේ යුරෝපා සංගමයට අයත් රටවල පවතින රුසියානු ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ සියලු වත්කම් තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවයි.

උද්ගතව ඇති තත්වය පිළිබඳ චීන – රුසියා ජනාධිපතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක් අද දිනයේදී පවත්වා තිබෙනවා.

චීන ජනාධිපතිවරයා එහිදී දන්වා ඇත්තේ ගැටලුව විසඳීමට රුසියාවට සහයවීමට සූදානම් බවයි.

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »