
නිවු සවුත් වේල්ස් පාසල් සඳහා බලාත්මක මුව ආවරණ නීතිවල සංශෝධනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිසුන්ට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ නැහැ.
ප්‍රාථමික අංශ ගුරුවරුන් මාර්තු 07 වනදා තෙක් මුව ආවරණ පැළඳිය යුතු අතර අනතුරුව ඔවුන්ටද අය අනිවාර්ය නොවනු ඇති.

ලබන සතියේ සිට දෙමව්පියන්ටද නිවු සවුත් වේල්ස් පාසල් සඳහා පැමිණීමට නැවතත් අවසර හිමිවන බව ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.
මේ අතර සිසුන් අනිවාර්ය රැපිඩ් පරීක්ෂණවලට ලක් කිරීමද ලබන සතියේ සිට අත්හිටුවන අතර සති 02 කට වරක් එක් සිසුවෙකුට රැපිඩ් කට්ටල 04 ක් බැගින් ලබාදීමට නියමිතව තිබෙනවා.

COMMENTS