
වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී තමන් විවිධ හිංසනවලට ලක්වූ බවට මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව යන කම්කරු පක්ෂ මන්ත්‍රීනී Kaushaliya Vaghela කල චෝදනාව සම්බන්ධයෙන් WorkSafe Victoria විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පක්ෂයේ ප්‍රතිපත්තිවලට බැහැරව කටයුතු කිරීම හමුවේ මීට වසර කිහිපයකටම පෙර සිටම තමන් වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී විවිධ හිංසනවලට ලක්වූ බවයි ඇය පසුගියදා අනාවරණය කලේ.
මේ සම්බන්ධයෙන් වික්ටෝරියා පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් කල පැමිණිල්ලකට අනුව WorkSafe Victoria විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් Kaushaliya Vaghela ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද කම්කරු පක්ෂය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා.
පක්ෂ තීන්දුවට පටහැණිව පසුගිය සතියේදී ඡන්ද විමසුමකදී කටයුතු කිරීමයි ඇයට එරෙහි චෝදනාව වන්නේ.

කෙසේවෙතත් තම හෘද සාක්ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කල බවයි ඇය පසුව නිකුත් කල නිවේදනයක දක්වා තිබුණේ.
ඉන්දීය සම්භවයක් සහිත Kaushaliya Vaghela මන්ත්‍රීනිය චෝදනා කර තිබුණේ ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවයි.