අවමානයෙන් අත්මිදීමේ අවසාන අවස්ථාව අද

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පස්වන හෙවත් අවසාන පන්දුවාර 20 තරගය මෙල්බන් හිදී අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11 යි 40 ට හෙවත් මෙල්බන් වේලාවෙන් පස්වරු 05 යි 10 ට තරගය ආරම්භ වනු ඇති.

මෙතෙක් පැවති තරග 04 ම ජයගත් සත්කාරක ඔස්ටේ්‍රලියාව මේ වනවිට තරගාවලියම ජයගෙන අවසන්.

කිසියම් අයුරකින් අද තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් 5-0 ක පූර්ණ තරගාවලි ජයක් ඔස්ටේ්‍රලියාවට හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තරගයෙන් ඉවත් කර තිබේ.

පුහුණුවීම් සිදුකරමින් සිටින අතරතුරදී දණහිසෙහි ආබාධයකට ලක්ව ඇති අතර එම ආබාධය හේතුවෙන් ඔහු ශල්‍යකර්මයකටද මුහුණදීමට නියමිත බව වාර්තා වෙයි.

එම ආබාධය සම්පූර්ණයෙන් සුවවීම සඳහා අවම වශයෙන් මාස 3ක පමණ කාලයක් ගතවනු ඇති බවද සඳහන්ය.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »