වික්ටෝරියා ගුරුවරුන්ට බූස්ටර් ගන්න අවසාන දිනයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ගුරුවරුන්ට බූස්ටර් ගන්න අවසාන දිනයක්

වික්ටෝරියා ගුරුවරුන්ට බූස්ටර් ගන්න අවසාන දිනයක්

මෙම අධ්‍යයන වාරය අවසන්වීමට පෙර පාසල් සහ Child care වෙත තවත් අමතර රැපිඩ් කට්ටල මිලියන 24 ක් සැපයීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ නිරතුරුව සිදුකරන රැපිඩ් පරීක්ෂණ හේතුවෙන් කොවිඩ් ආසාධන 21,000 ක් පමණ වළක්වා ගැනීමට හැකිවූ බවට මෑතකදී සිදුකල අධ්‍යයනයක තොරතුරු පදනම් කරගෙනයි.

ඊට අමතරව රජයේ පාසල් සහ අඩු ගාස්තු අයකරන රජයේ නොවන පාසල් සඳහා වායු පිරිසිදුකරණ උපකරණ 60,000 ක් සැපයීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය සැළසුම් කර ඇති බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘාස් අද නිවේදනය කලේ.

මේ අතර ඔක්තෝබර් 25 වනදිනට පෙර 02 වන මාත්‍රාව ගත් සියලු වික්ටෝරියා ගුරුවරුන් ලබන මාර්තු 25 වනදිනට පෙර බූස්ටර් මාත්‍රාව ගත යුතු බවටද ප්‍රාන්ත රජය අද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-february-17-2022/43ba0961-c700-441d-9819-b222643abc9a

COMMENTS