2020-21 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියානුවන් 30,000 ක් පමණ අවම වශයෙන් එක් කොවිඩ් රෙගුලාසියක් හෝ කඩකර ඇති බව අනාවරණය වනවා.
ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉන් බහුතරය වික්ටෝරියා ප්‍රාන්තයෙන් බවයි.
එම සංඛ්‍යාව 23,120 ක් හෙවත් ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 79 ක්.
කෙසේවෙතත් මෙම කාලසීමාවේදී සමස්ත අපරාධ සංඛ්‍යාව අඩුවී තිබෙනවා.
එය සියයට 04 ක පහළයාමක් වන අතර වසර 13 කට පසු එක් වසරකදී සටහන් වූ අඩුම අපරාධ ගණන වීමද විශේෂත්වයක්.
2020-21 කාල සීමාවේදී වාර්තා වී ඇති මුලු අපරාධ සංඛ්‍යාව 359,975 ක්.