Sportsbet ට ඩොලර් මිලියන 3.7 ක වන්දියක් නියම කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

Sportsbet ට ඩොලර් මිලියන 3.7 ක වන්දියක් නියම කෙරේ

Sportsbet ට ඩොලර් මිලියන 3.7 ක වන්දියක් නියම කෙරේ

ජනප්‍රිය ඔට්ටු තැබීමේ සේවාවක් වන Sportsbet හට ඩොලර් මිලියන 3.7 ක වන්දියක් නියම වී තිබෙනවා.

ඒ ඩොලර් මිලියන 2.5 ක දඩයක් සහ ගණුදෙනුකරුවන්ගෙන් අය කල ඩොලර් මිලියන 1.2 ක් ආපසු ගෙවීමක් ලෙසයි.

ඔස්ටේ්‍රලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් සිදුකල පරීක්ෂණයකදී හෙළිවී තිබුණේ Sportsbet සේවාවෙන් ඉවත්වීමට කටයුතු කල ගණුදෙනුකරුවන් 37,000 කට පමණ Sportsbet විසින් Spam ඝනයට යටත් වන කෙටි පණිවුඩ සහ ඊ-මේල් 150,000 ක් පමණ යොමු කර ඇති බවයි.

මෙය ඔස්ටේ්‍රලියානු අලෙවිකරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සළකමිනුයි මෙලෙස විශාල වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර ඇත්තේ.

Spam නීති යටතේ ඔස්ටේ්‍රලියාව තුළ මෙතෙක් ලබාදුන් ඉහළම දඩ මුදලද එය වනවා.

https://www.9news.com.au/national/sportsbet-hit-with-3-million-bill-after-sending-unwanted-spam-messages/0afc728f-b5f8-4d00-8a32-96ad84f62c19

COMMENTS