
1970 දශකයේදී ඩොලර් 200 ක මුදලක් පමණක් රැගෙන ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණිකයන් ලෙස ඇයගේ දෙමව්පියන් පැමිණ තිබිණ.
එහෙත් අද වනවිට ඇය සතියට ඩොලර් 315,000 ක් ලබන ඔස්ටේ්‍රලියාවේ වැඩිම මාසික වැටුප ලබන ප්‍රධාන විධායක නිළධාරිනියයි.
Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිළධාරීනි ශෙමාරා වික්‍රමනායක පිළිබඳ ලිපියක් ඩේලි මේල් පුවත්පත අද පළ කර තිබිණ.

පසුගිය වසරේදී ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 16.39 කි.
පසුගිය මාස 03 දී Macquarie සමූහය ඩොලර් බිලියන 1.3 ක් ලාභ ලබන තත්වයට පත් කරනු ලැබුවේද ඇයගේ නායකත්වයෙන් බවයි මෙම ලිපියේ සඳහන් වන්නේ.
