ලබන 21 ඔස්ටේ්‍රලියාවට ආවත් වික්ටෝරියාවට ඇතුලුවෙන්න බැරිවෙයි ???

MELBOURNE VICTORIA

ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කෙරුණද වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිමට අවසර දෙනුයේ බූස්ටර් මාත්‍රාවද ලබාගත් සංචාරකයන්ට පමණක් විය හැකි බවට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ඉගියක් පළකර තිබෙනවා.

කෙසේවෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව නිසි වීසා බලපත්‍රයක් ඇති ඕනෑම අයෙකුට ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකියි.

පූර්ණ එන්නත්කරණය ලෙස මෙරට තවමත් බලාත්මක වන්නේ එන්නත් 02 ක් ලබාගෙන තිබීමයි.

එහෙත් 03 වන මාත්‍රාව ගෙන නොමැති කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘත නොකිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බවයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් අනාවැකියක් පළකර ඇත්තේ.

කෙසේවෙතත් මෙම තීරණයට ෆෙඩරල් රජයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මුදල් ඇමති සයිමන් බර්මිංහැම් පෙන්වා දෙන්නේ අගමැතිවරයාගේ මෙම තීරණයෙන් සිදුවන්නේ වික්ටෝරියා ප්‍රාන්තය හුදකලාවීමත් – ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වීමත් පමණක් බවයි.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-february-9-2022/516f6702-bb2c-4068-a556-ac7668700fe6

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »