මානසික ගැටලු ගැන උපදෙස් අවැසිද ? ඔස්ටේ්‍රලියාවේදී ඇමතිය යුතු අංක මෙන්න

පර්ත් නුවර වාසය කල ශ්‍රී ලාංකිකයෙකු දරුවන් දෙදෙනාද ඝාතනය කර ඔහුද සියදිවි හානිකර ගත් අවාසනාවන්ත පුවතක් ඊයේ වාර්තා වුණා.

මීට මාසයකට පමණ පෙර ෆේස්බුක් සමාජ ජාලය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ තමන් කිසියම් විෂාදය (Depression) තත්වයකින් පෙළෙන අතර ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි.

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.

එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.

විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල ‘ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.

යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය.

යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය.

විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.

කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.

කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.

නිතර දැඩි මහන්සියක් දැනීම, නින්ද යාමේ අපහසුතා ඇති වීම සහ ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම වැනි රෝග ලක්ෂණ විෂාදයෙන් පෙළෙන්නකුගේ රෝග ලක්ෂණ විය හැකිය.

එමෙන්ම ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම හේතුවෙන් ඇතැම් විට ආහාර රුචිය අඩුවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් එහි රෝග ලක්ෂණ වියහැකිය.

“කවුරු හරි ‘ඇන්සයටි’ තත්වයෙන් හෝ විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්,” 

“එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.”

විෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

“ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි.”

ඔස්ටේ්‍රලියාව තුළ සිටින ඔබ ඉහත ලක්ෂණවලින් පෙළෙන්නේ යැයි ඔබට සිතේ නම් පහත අංක අමතා උපකාර ලබාගන්න.

1800 RESPECT (1800 737 732)

Need to talk to someone?

Don’t go it alone. Please reach out for help.

Lifeline: 13 11 14 or lifeline.org.au

Beyond Blue: 1300 22 4636 or beyondblue.org.au

Beyond Blue’s coronavirus support service: 1800 512 348 or coronavirus.beyondblue.org.au

Kids Helpline: 1800 55 1800 or kidshelpline.com.au

Headspace: 1800 650 890 or headspace.org.au

Are you anxious? Take the Beyond Blue quiz to see how you’re tracking and whether you could benefit from support

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »