පර්ත් හි ලාංකිකයෙකු දරුවන් දෙදෙනාද ඝාතනය කර සියදිවි නසා ගනී

පර්ත් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකික පියෙකු තම දරුවන් දෙදෙනාද ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගත් පියා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර දරුවන් දෙදෙනා 06 හැවිරිදි සහ 04 හැවිරිදි යන වියෙහි පසුවනවා.

ඊයේ එනම් සිකුරාදා පස්වරු 06 යි 30 ට පමණ මෙම ඝාතන සිදුව ඇති බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙම අපරාධය සඳහා වෙනත් පාර්ශවයක් සම්බන්ධ වී නොමැති බවද පියා විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බවට සාක්ෂි පවතින බවද පොලිසිය කියාසිටියා.

පියාගේ සිරුර Huntingdale, Essington Street නිවස පිටුපස ගරාජයේ තිබී සොයාගෙන තිබුණා.

මෙම ඝාතන සඳහා කුමන කරුණක් බලපා ඇතිදැයි මේ දක්වා තහවුරු වී නැහැ.

දරුවන්ගේ මව විසින් ඔවුන් රැගෙනයාමට පැමිණ ඇතත් නොපැමිණීම හමුවේ අසල්වාසීන් සහ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකල සෝදිසියකදීයි මළසිරුරු හමුවී තිබුණේ.

නත්තලට පෙර ඉන්දික ගුණතිලක විසින් තමා ආතතියෙන් පෙළෙන බවට ෆේස්බුක් වීඩියෝවක්ද පළකර තිබුණා.

ඔහු කොළඹ ප්‍රධාන පෙලේ විදුහලක ආදි සිසුවෙකුද වනවා.

https://www.news.com.au/national/western-australia/father-and-two-children-found-dead-in-suspected-murdersuicide-in-perth/news-story/2a6cf9d71fb8ac3ea86548be5abc8c1f

Need to talk to someone?

Don’t go it alone. Please reach out for help.

Lifeline: 13 11 14 or lifeline.org.au

Beyond Blue: 1300 22 4636 or beyondblue.org.au

Beyond Blue’s coronavirus support service: 1800 512 348 or coronavirus.beyondblue.org.au

Kids Helpline: 1800 55 1800 or kidshelpline.com.au

Headspace: 1800 650 890 or headspace.org.au

Are you anxious? Take the Beyond Blue quiz to see how you’re tracking and whether you could benefit from support

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »