පාරට බහින්න අපි ලෑස්තියි – විපක්ෂ නායක

වගා හානි හමුවේ අස්වැන්න අඩු වූ ගොවීන්ට වන්දි ගෙවන ක්‍රමවේදය වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට අභියෝග කරනවා.

පිලිගත හැකි වන්දි ක්‍රමයකට විපක්ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කලේ.

කෙසේවෙතත් සුලු වන්දියක් පමණක් ලැබෙන කිසිදු වැඩපිළිවෙලකට සිය සහයෝගය හිමි නොවන බවද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලා.

සමගි ගොවිජන ප්‍රකාශනය අද පෙරවරුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ පැවති උත්සවයකයදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා.

එම අවස්ථාවට සමගි ගොවි ජන බලවේගයේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක්ද සහභාගී වුණා.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගන්නා පියවර පිළිබඳ සමගි ගොවි ජන ප්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමාණවත් වන්දි මුදලක් ගොවීන්ට නොලැබෙන්නේ නම් සාමකාමී විරෝධතා සඳහා සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කලා.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »