
අත්‍යවශ්‍ය සේවකයන් සඳහා බලාත්මක හුදකලා නීති වෙනසකින් තොරව පවත්වාගෙන යාමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වනයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.
පාසල් නැවත ආරම්භ කිරිමෙන් පසු සිදු කෙරෙන පරීක්ෂා කිරීම් හමුවේ ආසාධිතයන් සංඛ්‍යා ඉහළ යා හැකි බවටද මෙහිදී අදහස් පළවී තිබෙනවා.

එමෙන්ම රෝහල් වාට්ටුවල රෝගීන් සංඛ්‍යා ඉහළයාම පිළිබඳවද ප්‍රාන්ත අගමැතිවරුන් අදහස් දක්වා ඇති බව සඳහන්.
ශීත සෘතුව එළඹීමට පෙර ආසාධිතයන් සංඛ්‍යාව අඩු කර ගැනීම පිළිබඳවද ජාතික කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් මෙහිදී පැවසුවේ එන්නත්කරණය ඉහළ නංවා ගැනීම කෙරෙහි ප්‍රමුඛතාවය දිය යුතු බවයි.