Australia Day – ජාතික කොඩිය වෙනස් වෙයි ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

Australia Day – ජාතික කොඩිය වෙනස් වෙයි ???

Australia Day – ජාතික කොඩිය වෙනස් වෙයි ???

තරුණ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සැළකිය යුතු පිරිසක් ඔස්ටේ්‍රලියා දිනය වෙනත් දිනයකදී සැමරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

YouGov විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 15 ත් 30 ත් අතර පිරිසෙන් සියයට 46 ත් 49 ත් අතර පිරිසක් පවසා ඇත්තේ ලෙස ජනවාරි 26 වනදා නොව වෙනත් දිනයක් සැමරීමට තමන් කැමති බවයි.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී ඊට වැඩිම කැමැත්ත දක්වා ඇත්තේද වික්ටෝරියා ප්‍රාන්තවාසී තරුණයනුයි.

සෑම වයස් කාණ්ඩයකම පිරිස් නියෝජනය වන පරිදි 2997 දෙනෙකු සහභාගී වූ මෙම සමීක්ෂණයට සහභාගී වූ සමස්තයක් සැළකීමේදී වැඩිම පිරිසක් සඳහන් කර තිබුණේ ජනවාරි 26 වනදාම Australia Day සැමරීම යෝග්‍ය බවටයි.

ඔස්ටේ්‍රලියාව ජනරජයක් කිරීමට සියයට 46 ක්ද – ජාතික කොඩිය වෙනස් කිරීමට සියයට 43 ක්ද මෙහිදී කැමැත්ත පළකර තිබුණා.

https://7news.com.au/news/social/survey-reveals-surprising-sentiment-toward-australia-day-date-change-c-5414524

COMMENTS