
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සඳහා විශ්‍රාමික ගුරුවරුන් සහ විශ්ව විද්‍යාලවල අවසන් වසර සිසුන් බඳවා ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
පාසල් නැවත ආරම්භ කිරීමට දින ළංවීමත් කොවිඩ් වසංගතය හමුවේ පාසල් කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම පිණිසත් මෙම තීරණය ගන්නා බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
කිසියම් අයුරකින් පාසලක ගුරුවරයෙකු හුදකලා කිරීමකට ලක්කල හොත් ඒ වෙනුවට අයෙකු මෙලෙස බඳවා ගන්නා කණ්ඩායමෙන් අනුයුක්ත කෙරෙනු ඇති.

මින් ඇතැමුන් කොන්ත්‍රාත් ක්‍රමයටත් තවත් පිරිසක් කෙටිකාලීන රැකියා සඳහාත් බඳවා ගැනෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය දැනුම් දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල නව වසරේ අධ්‍යයන කටයුතු ලබන 31 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

COMMENTS