විදේශගත ලාංකිකයන් මව්බිමට මුදල් එවීම අඛණ්ඩව පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

විදේශගත ලාංකිකයන් මව්බිමට මුදල් එවීම අඛණ්ඩව පහළට

විදේශගත ලාංකිකයන් මව්බිමට මුදල් එවීම අඛණ්ඩව පහළට

විදේශ ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීම විශාල වශයෙන් පහළ යෑමක් තවදුරටත් දක්නට ලැබෙනවා.

පසුගිය වසර පුරාම මෙන්ම දෙසැම්බර් මාසයේදී එය පෙර වසරට සාපේක්ෂව පහළ යාමකුයි පෙන්නුම් කෙරෙන්නේ.

2021 දෙසැම්බර් මාසයේ දී නොවැම්බර් මාසයට සාපේක්ෂව සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

2020 දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 812ක් වූ එම ප්‍රමාණය පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 325 දක්වා පහල බැස තිබෙනවා.

2020 දී ඩොලර් මිලියන 7100 මෙරට එවා ඇතත් 2021 දී එය ඩොලර් මිලියන 5400 දක්වා පහළ බැස ඇති බව සඳහන්.

COMMENTS