Day: January 18, 2022

VIDEO : හෝටලයක සාද දැමූ ඔස්ටේ්‍රලියා – එංගලන්ත ක්‍රීඩකයන්ට අවවාද

අලු බඳුන තරගාවලිය අවසානයේ හෝබාට් හි හෝටලයක සාදයක් දැමූ ඔස්ටේ්‍රලියානු සහ එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පොලිසිය විසින් අවවාද කර තිබෙනවා. ඒ ඔවුන් බීර පානය කරමින් ශබ්ද නගා කටයුතු කිරීම හේතුවෙනුයි. තරගාවලි ජය සැමරීම සඳහා තමන් කටයුතු කරමින් සිටි බවයි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් සඳහන් කර තිබුණේ. Joe Root, Jimmy Anderson, Graham Thorpe (England’s assistant coach), Nathan Lyon, Alex Carey and Travis Head ඒ අතර වුණා. කෙසේවෙතත් මොවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොණු නොකරන බවයි පොලිසිය සඳහන් කලේ. video

Read More »

ඔස්ටේ්‍රලියාව පුරා පුද්ගලික සෞඛ්‍ය සේවකයන් 157,000 ක් රජයේ සේවා සඳහා යෙදවීමට පියවර

ඔස්ටේ්‍රලියාව පුරා පුද්ගලික අංශයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 100,000 ක් සහ හෙදියන් 57,000 ක් පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ (මහජන) සෞඛ්‍ය සේවා සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ 2020 වසරේදී පුද්ගලික රෝහල් පද්ධතිය සමග ඇති කරගත් එකගතාවක් අනුව එම පියවර ගැනෙන බවයි. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ රජයේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති තදබදය මගහරවා ගැනීමත් සේවා අඩාල නොවී පවත්වාගෙන යාමත් අරමුණු කරගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. මෙල්බන් නගරයේ

Read More »

ක්වීන්ස්ලන්ඩ් රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව සීමා කරයි

කොවිඩ් වෛරසය හමුවේ රෝහල්ගත වන සංඛ්‍යාව ඉහළ යාමත් සමග හෙට සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව සීමා කර තිබෙනවා. ඒ අනුව දිනයේ ඕනෑම වේලාවකදී එක් රෝගියෙකු වෙනුවෙන් පැමිණිය හැකි අමුත්තන් ගණන 02 කට සීමාවනවා. පසුගිය පැය 24ක කාලය තුලදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16ක් වාර්තා වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath පවසයි. පවතින තත්වය හමුවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව පාසල් වාරය සති දෙකක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

Read More »

ACT ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහන යටතේ නව ක්ෂේත්‍ර රැසකට අවස්ථා

ACT ප්‍රාන්තයේ Skilld Visa වැඩසටහන යටතේ ජනවාරි මාසයට අදාළ නවතම තොරතුරු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව Finance Manager, HR manager, Registered Nurse, Motor Mechanics ආදී ක්ෂේත්‍ර සඳහා නව අවස්ථා රැසක් විවර වී ඇත. විදේශීය අයදුම්කරුවන් සඳහා ද වැඩසටහන විවෘත කෙරුණ අතර ඒ සම්බන්ධ සියලු තොරතුරුද පහතින් ලබා ගත හැකියි. https://www.act.gov.au/migration/resources/library-guidelines-and-invitations?fbclid=IwAR0nOmGR5sFAobqgtEg14fMpseVgSqm_bRBFlZBgiyXHAQVV6pRDDaEwf3Q#invitation-ranking SOURCE : www.act.gov.au

Read More »