ක්වීන්ස්ලන්ඩ් රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව සීමා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව සීමා කරයි

ක්වීන්ස්ලන්ඩ් රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව සීමා කරයි

කොවිඩ් වෛරසය හමුවේ රෝහල්ගත වන සංඛ්‍යාව ඉහළ යාමත් සමග හෙට සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල් වෙත පැමිණිය හැකි සංඛ්‍යාව සීමා කර තිබෙනවා.

ඒ අනුව දිනයේ ඕනෑම වේලාවකදී එක් රෝගියෙකු වෙනුවෙන් පැමිණිය හැකි අමුත්තන් ගණන 02 කට සීමාවනවා.

පසුගිය පැය 24ක කාලය තුලදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16ක් වාර්තා වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath පවසයි.

පවතින තත්වය හමුවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව පාසල් වාරය සති දෙකක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ටස්මේනියාවට ඇතුලුවන සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරය ලියාපදිංචි කිරීමට හෝ සංචාරය කිරීමට පෙර COVID පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

නමුත් එන්නත් නොලැබූ පිරිසට මෙම නීති අදාළ නොවේ.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/queensland-records-nearly-16000-new-covid-cases-as-the-states-emergency-hospital-departments-are-restricted-c-5351534

COMMENTS