Search

ඔස්ටේ්‍රලියාව පුරා පුද්ගලික සෞඛ්‍ය සේවකයන් 157,000 ක් රජයේ සේවා සඳහා යෙදවීමට පියවර

ඔස්ටේ්‍රලියාව පුරා පුද්ගලික අංශයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 100,000 ක් සහ හෙදියන් 57,000 ක් පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ (මහජන) සෞඛ්‍ය සේවා සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ 2020 වසරේදී පුද්ගලික රෝහල් පද්ධතිය සමග ඇති කරගත් එකගතාවක් අනුව එම පියවර ගැනෙන බවයි.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ රජයේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති තදබදය මගහරවා ගැනීමත් සේවා අඩාල නොවී පවත්වාගෙන යාමත් අරමුණු කරගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෙල්බන් නගරයේ සියලු පොදු රෝහල්වල හෙට දහවල් සිට Code brown තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව දැනට නිවාඩු මත සිටින සියලු සේවකයන් නැවත සේවයට කැඳවීමට නියමිතයි.

ඊට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සියලු සැත්කම් වැනි කටයුතු ප්‍රමාද කෙරෙන අතර කොවිඩ් ප්‍රතිකාර සඳහා පමණක් මූලිකත්වය දෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 4000 කට පමණ සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබෙනවා.

Code brown තත්වයකදී ගිලන් රථ සේවා සැපයීමේ ප්‍රමුඛතාවය හිමිවන්නේද අසාධ්‍ය රෝගීන්ට පමණයි.

එමෙන්ම ඇතැම්විට සෞඛ්‍ය සේවකයන්ට තමාට පැවරුණු රාජකාරියට අමතර සේවාවන් හි වුවද නිරතවීමට සිදුවනවා.

https://www.9news.com.au/national/coronavirus-australia-update-private-hospitals-agreement-greg-hunt-omicron-response/a1291fd1-5837-4992-b588-cb6878624b54

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »