Paracetamol, aspirin මිළදී ගැනීමේදී Coles වෙතින් නව සීමා

Coles විසින් භාණ්ඩ මිලදී ගැනීම්වලට අදාළව තවත් සීමා කිහිපයක් පණවා තිබෙනවා.

ඒ අනවශ්‍ය ලෙස මිළදී ගැනීම් වළක්වාලීමට සහ භාණ්ඩ හිගයක් ඇති නොවීම සඳහායි.

මේ අනුව අද රාත්‍රියේ සිට paracetamol, ibuprofen, aspirin මිළදී ගැනීමේදීත් නව සීමා පණවා තිබෙනවා.

එක් පාරිභෝගිකයෙකුට අදාළ ද්‍රව්‍යවලින් එක් අවස්ථාවකදී මිළදී ගැනීමට හැකිවනුයේ පැකට් 02 ක් පමණයි.

මස් නිෂ්පාදන සහ ටොයිලට් පේපර් මිළදී ගැනීමේදීද උපරිම සීමා පැණවීමටයි පසුගියදා තීරණය කලේ.

Coles නව සීමා : https://www.coles.com.au/covid19#packlimits

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »